නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව ආණ්ඩුවේ පක්‍ෂ 10ක් විරුද්ධ වෙයි  

ඉන්දික ශ්‍රී අරවින්ද 

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට කොටසක් හෝ පවරා දීමට විරෝධය පළ කරමින් ආණ්ඩුව දේශපාලන පක්ෂ දහයක් එකගතාවකට පැමිණ ඇත.

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේ දී ආණ්ඩුවේ පක්ෂ දහයක නායකයන් හමුවී ඊයේ (30) පැවති සාකච්ඡාවකදී මෙම එකගතාවයට පැමිණ තිබුණි.

ඒ සඳහා එකඟ කැබිනට් පත්‍රිකාවක් හෙට (01) දින ඉදිරිපත් වුවහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට ද ඔවුන් මෙහිදී සාකච්ඡා කරන තිබේ. නැගෙනහිර පර්යන්තය විදේශ රටකට කොටසක් හෝ විකිණීමේ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට මෙහිදී ඒකමතිකව තීන්දු කර ඇත.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් වරාය අධිකාරිය සතුව තිබිය යුතු බවට එම දේශපාලන පක්ෂයන්හි නායකයින් ඒකමතිකව තීන්දු කර ඇති අතර ඒ සඳහා රජයේ පාර්ශවයෙන් ගෙන එන ඕනෑම යෝජනාවක් පරාජය කරන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

එම හමුව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර,ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් විරවංශ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල,නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර,  ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ,ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න,යුතුකම කවයේ නායක ගෙවිඳු කුමාරණතුංග,අපේ ජන බල පක්ෂයේ අතුරලියේ රතන හිමි,ලංකා වතු කම්කරු සංගමයේ නියෝජිතයින් සහභාගී වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.