සැකකාර මන්ත්‍රී ගැන තොරතුරු දෙන්නෙක්ට තෑගී

මීටියාගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලීසිය වෙත උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව මෙම සැකකරු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ද තීරණය කර ඇත.

එසේම, මොහුට රැකවරණය ලබාදෙන හෝ පහසුකම් සලසන අයට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලීසිය වෙත උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

දැනට පොලීසිය මඟ හරිමින් සිටින අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718 59 14 81 යන අංකයෙන් මීටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට, 1997 අංකයට හෝ 118 මෙන්ම 119 යන අංක වෙත තොරතුරු ලබාදෙන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පසුගිය 25 වනදා මීටියාගොඩ ඉන්ධන පිරවුම්හලක් අසල තරුණයෙක් කපාකොටා මරා අත කපා මංසන්දියේ තැබූවේ බටපොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ සැලසුමක් මත බව අනාවරණය කරගත් අතර අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් 5 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.