කොවිඩ් මර්දන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් අද දිනයේදී රාජකාරීවල නියුතු පොලිස් නිලධාරීන්ට නාරාහේන්පිට පොලිස් රෝහලේදී ලබා දීමට සැලසුම් කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන ආරම්භ කෙරෙන බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
මෙතෙක් සිදුවූ එන්නත්කරණයේ දී අතුරුඅබාධ වාර්තා වී නැත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ සුළු අතුරු අබාධ මතුවීම ඕනෑම එන්නතක සාමානයෙන් සිදුවිය හැකි දෙයක් වුවත් මෙතෙක් මෙම එන්නත්කරණයේදී එවැනි කිසිවක් මෙතෙක් වාර්තා නොවූ බවය.
මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන පෙරේදා ආරම්භ වූ අතර දින 02 ක් තුළදී පුද්ගලයින් 37,825 දෙනෙකුට කොවිඩ් 19 මර්දන එන්නත ලබාදී ඇත. ඊයේ දිනය තුළ පුද්ගලයින් 32,539 දෙනෙකුටත් වැඩසටහන ආරම්භ වූ පළමු දිනයේදී පුද්ගලයින් 5,286 දෙනෙකුටත් කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
අද (30) දිනය තුළ 32,539 දෙනෙකුට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.