අශන්ති වරුනසුරිය
කොරෝනා තත්වය වැඩිවන බැවින් අනිවාර්යෙන් මේ තත්වය පාලනය කිරීමට සංචරණ සිමා පැනවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේවන විට රටේ තිබෙන කොරෝනා තත්වය සම්බන්දයෙන් කලම්බෝ ගැසට් අප කල විමසුමට පිළිතුරු දෙමින් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මේවන් අදහසකි.
“මිට කලින් ලෙඩ්ඩු 300,400 වාර්තා වුණා. දැන් 700,800 වාර්තා වෙලා. දෛනික ආසාදිතයින් තෙවැනි දිනටත් 800 ඉක්මවුවා. මේවන විට දෛනිකව 800,900 වාර්තා වෙනවා. පසුගිය 28 වනදා සිට මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 23ක්. මාසෙකට කලින් බස්නාහිර කොළඹ ආසාදිතයින් වැඩි වෙද්දී දැන් ඒක පිටට ගිහින්. පිට පළාත් වලින් රෝගීන් වර්තාවීම් වැඩි වෙලා. අඩුපාඩු සිද්ධ වෙන්න ඇති ඒත් අනෙක් ලෝකේ රටවල් එක්ක බලනකොට අපි කොවිඩ් කළමනාකරණය පෙත්තේ හොද තැනක ඉන්නවා. දැන් නිරෝධනය කරලා පෙරේදා ඉදලා දවස් 10න් ගෙදර යවනවා.
රටක් විදියට අපි හොද තැනක හිටියට මතුවෙන අවධානම නැති කර ගන්න අපි වගබලා ගන්න ඕන. චීනයේ පහුගිය දා වැඩි වෙනකොට සමස්ත ජනගහනයම ආවරණය වෙන්න පිසිඅර් කළා අපිට එහෙම පහසුකම් නෙහැ. අවධානම සන්නිවේදනය කිරීම, අවධානම් සහිත නගර අතර සංචරණ සිමා ගැන දැමීම ගැන මිට වඩා සැලකිලිමත් විය යුතුයි. යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.
ඊයේ (30) කොවිඩ් මරණ 8ක් වාර්තා විය. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 313කි.