ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් රටේ ආර්ථිකයට බලපාන්නේ කෙසේද ?

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් රටේ ආර්ථිකයට බලපාන්නේ කෙසේද ?

ආර්ථික විශ්ලේෂක/ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ සාමාජික චිත්‍රාල් ජයවර්ණ  Colombo gazette වෙත කළ සම්මුඛ සාකච්ජාවකට එක්වි මෙසේ අදහස් දැක්වීය

 

 

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත ආයතන විසින් ලංකාව ඔවුන්ගේ වර්ගීකරණයේ දී පහතට හෙලා තියෙනවා. රජය වෙනුවෙන් ආර්ථික කාර්යයන් ඉටුකරන්නේ මුදල් අමාත්‍යාංශයයි. ඔවුන් නිවේදනයක් නිකුත් කරලා තිබුනා ආර්ථික වර්ධන වේගය පහළ ගියද, ආර්ථීකය නිසි පරිදි කළමණාකරණය කර ගතහැකි බවට. විශේෂයෙන් පසුගිය වකවානුවේ රජය ලබාගත් ණය වාරික දැන් ගෙවීමට කාලය ඇවිත්. මේ තත්ත්වය පිළිබඳ ඔබ මොකද හිතන්නේ..?

ඔව් මම මුලින්ම කියන්නං මෙම ජාත්‍යන්තර ණය වර්ගීකරණය කියන්නේ කුමක්ද කියල ජාත්‍යන්තර ණය වර්ගීකරණය කියලා කියන්නේ ණයගැතියෙකුගේ ණය සුදුසුකම් පොදුවේ හෝ නිශ්චිත වශයෙන් හෝ මූල්‍ය බැඳීමක් සම්බන්ධයෙන් ප්‍රමාණාත්මකව සිදුකර තක්සේරුවක්. උදාහරණයක් ලෙස කියනවා නම් යම් පුද්ගලයෙක් බැංකුවකට ගිහිල්ලා ණයක් ගන්න කොට ඔහුට එම ණය පියවා ගැනීමට හැකියාව තියෙද කියල බලන තක්සේරුවක්. ශ්‍රී ලංකාවේ තියෙන ණය තොරතුරු කාර්යාංශය තමයි පුද්ගලයන්ගේ ණය හැකියාවන් පිළිබඳ තක්සේරු කරන ආයතනය. යම් පුද්ගලයෙක් ඒ ණය තොරතුරු මත එම බැංකුව හෝ ආයතනය එම පුද්ගලයාට ණය සපයනු ලබනවා. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් වලින් සිදුකරන තවත් අංශයක් වශයෙන් රටවල ණය ශ්‍රේණිගත කිරීම් හැඳින්විය හැකියි. රටවල් විවිධ මාර්ගයෙන් ගන්නා ණය සම්බන්ධයෙන් ඔවුන්ට අනාගතයක්යේදී එම ණය පියවිය හැකි ද යන්න පිළිබඳ එම් අයතන කරන තක්සේරුවක් ලෙස මෙය හැඳින්විය හැක්කේ.

පසුගියදා S&P ආයතනය රටවල් තිස් නවයක් ණය ශේණිගත කිරීම තුලින් පහත වෙලා තිබ්බා. ඒ රටවල් අතරට ලංකාවත් නම් කර තිබීම තමයි මේවා කතිකාවත හේතුවක් වී තිබෙන්නේ.මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ලංකාවකාව මෙම ජාත්‍යන්තර ණය වර්ගීකරණයට ඇතුළත් ව තියෙන්නේ  2015 වර්ෂයේ සිටයි. අපි එතකොට BB- or B+ ගණයට අයත් වී තිබුණා. නමුත් 2020  දෙසැම්බර් මාසය වන විට CCC or CCC+ or Caa1  ඝනට පහත් දමා තිබෙනවා. මෙයින් කියවෙන්නේ ණය අර්බුදයක් පැවැතියත් එයින් ගොඩ යාමට යම්කිසි හැකියාවක් පවතින බවයි. කවුරුත් කියන පරිදි මෙය දැඩි අවදානම් තත්ත්වයක් කියලා කියන්න බැහැ. නමුත් අර්බුදයක් නැතැයි කියලා කියන්න බැහැ.

අපි මතක තියාගන්න අවශ්‍යයි අද ලෝකයම මුහුණ දෙනු ලබන්නේ සෞඛ්‍යමය අර්බුදයකින් බිහිවුණු ආර්ථිකමය අවපාතයකට බව. අපි පුංචි ආර්ථිකයක් තියෙන කුඩා රටක්. සංචාරක ක්‍ෂේත්‍රය ගත්තත්, ඇගලුම් ක්‍ෂේත්‍රය ගත්තත්, කර්මාන්ත ගත්තත් හැම ක්‍ෂේත්‍රයක පසුබෑමක් තියෙනවා.

2019 ලෝක බැංකුව නිකුත් කරපු වාර්තාවේ දත්තයන්ට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය 7.5% පහල යනවා. ඉන්දියාව 7.5% කින්, එක්සත් රජධානීය 11.2% කින්, රුසියාව 7.3% කින්, ප්‍රංශය 9.0%කින් පහල යද්දි ලංකාවේ ආර්ථීකය 4.3 % කින් පහල යනවා. ඉතිං මේ පවතින තත්ත්වයෙන් මිදෙන්න අපි මුලින්ම කරන්න ඕනා ආයෝජන ආකර්ශණය කර ගැනීම.

මම ඇත්තටම සතුටු වෙන ආයෝජනයක් තමයි පෝට්සිටි ව්‍යාපෘතිය. එහි  බ්‍රවුන්ස් සමාගම සමාගම ඇ.ඩො. බිලියන 450 ආයෝජනයන් ක්‍රියාත්මක කරනවා. ඊලගට චීන සමාගමක් හම්බන්තොට වරායේ ටයර් කර්මාන්ත ශාලාවක් සඳහා ඩොලර් බිලියන 300 ක් ආයෝජනය කරනවා එයින් රැකියා අවස්ථා පමණක් 2000 ක් උත්පාදනය වෙනවා. මෙන්න මේ වගේ ආයෝජන අවස්ථා ආකර්ශණය කර ගනිමින් ආනයන අපනයන ආර්කථිය පිළිබඳ අවධානය යොමු කර ගෙවුම් ශේෂ හිගය නිසි කළමණාකරණයකට ලක් කර ගනිමින් කටයුතු කරන්න අවශ්‍යයි. එතකොට අපිට හැකියාව ලැබේවි ආර්ථික ජයග්‍රහණය නැවත ලබා ගන්න. එවගේම පසුගිය හය මස තුළදී ආනයන 20% වගේ ප්‍රතිශතයකින් අඩුවෙලා තියෙනවා. අපේ වගේ ආර්ථීකයට එය ඉතා හොඳ සංඥාවක්.

ශ්‍රී ලංකාවේ ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් රජය පාර්ශවයෙන් කියවෙන්නේ අපේ විදේශ සංචිත භාවිත කර හෝ නිසි කලට ණය වාරික පියවීම සිදු කරන බවත්, මේ ණය ගෙවීම සඳහා ණය ගැනීම, කොහොමහරි ණය ගෙවීම අළුත් අර්බුදයකට මාවතක් විවෘත වීමක් නේද…?

අපි සංචිත තියාගෙන ඉන්නේ ලංකාවේ ආනයන අපනයන කළමණාකරනය කර ගැනීම වෙනුවෙන්. නමුත්, රටක ආර්ථිකය හසුරුවනකොට එය ගෙදරක ආර්ථිකය හසුරුවනවා වගේ කරන්න බැහැනේ. යම් යම් අවස්ථාවලදී පවතින තත්ත්වයනන්ට ගැලපෙන උපක්‍රම භාවිත කරන්න සිදුවෙනවා. ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට අනුගත ක්‍රමෝපායන් යොදා ගන්න සිදු වෙනවා. මම පෙරත් කියපු කාරණයක් තමයි අපිට ඉතා කෙටි කාලයකදී බලපාන ගැටලුව බැඳුම්කර සම්බන්ධයෙන්, අපි බැඳුම්කර පියවීමේ දී අලුතින් බැඳුම්කර වැඩි පොලියකට අරගෙන පියවනවා ද, ඒ වගේම අපි බැඳුම්කර නිකුතුවේදී ඉහල පොලි ප්‍රතිශතයකට නිකුත් කරනවා ද? මෙන්න මේ වගේ කාරණා තමයි කෙටිකාලීන අර්බුද ලෙසින් මම දකින්නේ. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් බලපාන්නේ මෙන්න මේ අවස්ථාවලදී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුතුවක දී. රටක් ණය ශ්‍රේණිගත කිරීම් තුළ දී පහළ යෑමේ දී අවදානම් පොලී අඩු අනුපාතයක් ඒ සඳහා ඇතුළත්වීමට සිදුවෙනවා. අනුව බැඳුම්කර නිකුතුව කදී සාමාන්‍ය පොළී අනුපාතිකය අවදානම් පොලී අනුපාතිකය වීම තුළින් පොලී අනුපාතිකය ඉහළ යාම සිදුවෙනවා.

නමුත්, ඉදිරි හයමස තුළදීත් අපි ආනයන සීමා කරලා අපනයන වර්ධනය කරගෙන විදේශ විනිමය සංචිත වර්ධනය කර ගනිමින් ආයෝජන අවස්ථා ආකර්ශනය කර ගතහොත් නැවත අපේ ආර්ථීකය ගොඩනගා ගැනීම එතරම් අපහසු කාරණයක් නොවෙයි කියලා මම විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවේ බැංකු ක්‍ෂේත්‍රයන් මේ ශ්‍රේණිගත කිරීම් වලින් ආවරණය වෙනවා. මෙමගින් අවදානම තක්සේරු කර ගැනීමට හැකියාව තියෙනවාද?…. මොකක්ද මේ බැංකු ශ්‍රේණිගත කිරීම ?

ඔව්, මේ ආයතනය මගින් බැංකු ශ්‍රේණිගත කිරීමක් සිදුකරනවා බැංකු ප්‍රමානය ඉක්මවා ණය ලබා දී තිබෙනවා ද ද්‍රවශීලිතාව වැඩි ද කියන කාරණා සඳහා තමයි ඔවුන් අවධානය යොමු කරන්නේ. බැංකු මහජනතාවගෙන් මුදල් අරගෙන තමයි නැවත ණයට ලබා දෙන්නේ ඒ වගේම දේශීයව මුලාශ්‍රවලින් ණය ලබාගන්න සිදුවෙනවා. දේශියව නොහැකිනම් විදේශීය ණය ලබා ගන්නවා. නැත්නම් කොටස් නිකුත් කරනවා. බැංකු ශ්‍රේණිගත කිරීම් වලින් පහලට යන්න යන්න දේශීයව හෝ විදේශීයව ආයෝජකයෝ ආයෝජනය කිරීම අවධානම් වෙනවා. එවගේ සිදු වුනාහම මුදල් ගලායෑම අවම වෙනවා. ඒක තමයි ගැටලුව.

අපි නිරතුරුවම දත්ත පිළිබඳ කථා කරනවා. අයවැය විවාදයන්හිදී මේ දත්තවල විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්ණ කරනවා. ලංකාවේ දත්ත නිකුත් කරන්නේ ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව. ඔවුන්ට ඇත්තටම හැකියාව තියෙනවා ද දත්තතයන් වෙනස් කිරීමට.

මේක ඉතාමත් ප්‍රාථමික දේශපාලන කාරණයක් ඒ වගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න මේ වගේ ආර්ථිකමය සංවාදයකදී කාලය වෙන් කිරීමක් අනවශ්‍යයි කියලා මම හිතන්නේ. මේ ආයතනවල කටයුකු කරන්නේ රාජ්‍ය නිලධාරීන් ඔවුන් ස්වාධීනව කටයුතු කරනවා. ඒ වගේම මේ ආයතනවල විවිධ දේශපාලන මතවාදයන් දරණ පිරිස් සේවය කරනවා. ඉතිං රහස්‍යභාවය රැකගෙන දත්ත අවභාවිතා කරන්න කාට ද හැකියාවක් තියෙන්නේ මම විශ්වාස කරන්නේ නැහැ කාවත් සතුටු කරන්න මේ ආයතන විසින් දත්ත වෙනස් කරනවා කියලා.

බැදුම්කර නිකුත් කළ හැකි ප්‍රමාණයක් තියෙනවා ද? නැත්නම් මහබැංකුවට අවශ්‍ය පරිදි එය කල හැකිද ?

බැඳුම්කර නිකුත්වේ ප්‍රමානය තීරණය කරන්නේ මහබැංකුවේ මුදල් කමිටුව ඔවුන් අදාල අංශය සමගත් සාකච්ඡා කරලා අවශ්‍ය ප්‍රමානය තීරණය කරනවා.

මේ ශ්‍රේණිගත කිරීම් වලින් පහලට යෑමට හේතු වූ කරුණු මේ වර්ගීකරණ ආයතනය විසින් හෙලි කරලා තියෙනවාද ?

අයවැයෙන් ඉලක්කගත ආදායම් පිළිබඳ මෙන්ම ලබාගත් ණය ගෙවීම් පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම යන කාරණා තමයි ප්‍රධාන වශයෙන් ඔවුන් දක්වලා තියෙන්නේ. මම නම් හිතන්නේ නැහැ ආණ්ඩුවට අයවැය සම්බන්ධයෙන් ඉලක්කගත වැඩපිළිවෙළක් නැහැ කියලා. ඇත්තටම අපිට එහෙම සාධනීය වැඩපිළිවෙළක් පෙනේන්න තියෙනවා. එවගේම රාජ්‍ය ණය කළමණාකරණය පිළිබඳව වැඩ පිළිවෙලක් ඇති. මේක අපිට අලුතින් කියා දෙන්න ඕනා පාඩමක් නෙමෙයි. කවදාවත් ශ්‍රී ලංකාව ණය වාරික ගෙවීම පැහැර හැරලා තියනවා කියලා වාර්තා නැහැ. මගේ යෝජනාව තමයි බැඳුම්කර ණය ගෙවීම් පිළිබඳ විධිමත් සැළසුමක් අවශයයි කියන කාරණාව. එවගේම අපිට හැකියාවක් තියෙනවා මේ ණය ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීමට. ඒ සඳහා රාජතාන්ත්‍රික සාකච්ඡාවකට අවතීර්ණ විය යුතුයි.

මේ වර්ගීකරණය ඉදිරිපත් කරපු ආයතනය පිළිබඳ විවිධ අදහස් පළවුනත් ජාත්‍යන්තරය පිළිගත් ආයතනයක  අපිට මගහැර යන්න බැහැ. මම අවසාන වශයෙන් අහන්නේ මේ වැටී සිටින තැනින් ගොඩ ඒමට අප රටක් ලෙස ගත යුතු පියවර මොනවාද ?

ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක වර්ගීකරණයන් පිළිබඳව තර්ක විතර්ක කරලා ඒවා අභියෝගයට ලක් කරලා මගහැරලා සිටීමෙන් අපිට අත්වෙන වාසියක් නැහැ. වෛද්‍යවරයෙක් පරික්‍ෂණ කරලා රෝගයක් හොයාගත්තම ඒකට අදාල ඖෂධ පාවිච්චි කරොත් තමයි රෝගය සුවවෙන්නේ. ආර්ථික දේහය ශක්තිමත් කර ගැනීමටත් අපි එවැනි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යයි. කෙටි කාලීන වගේම දිගු කාලීනව ඉතා කඩිනමින් මහ බැංකු, මුදල් අමාත්‍යාංශය හා අදාල අනෙකුත් පාර්ශව එකට එක් වී කටයුතු කළ යුතු යි.

කෙටිකාලීන වශයෙන් අපි අපේ සංචිත ආරක්‍ෂා කර ගන්නේ කෙසේ ද ආනයන සීමා කරලා ගෙවුම් ශේෂය හිග රහිතව පවත්වාගෙන යන්නේ කෙලෙසින් ද මේවා අපි හිතන්න ඕනා වගේම විශේෂයෙන් ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම අත්‍යවශ්‍යයි. මේ ලැබිලා තියෙන ස්වර්ණමය අවස්ථාව උපයෝගී කරගෙන අපි ක්‍රියාත්මක විය යුතුයි. මේ අර්බද උත්තේජනයක් කරගෙන අළුත් වෙළෙඳ පොළවල් සොයා යා යුතුයි. අපිට අළුත් ආර්ථික අවස්ථා බිහිකරලා දීලා තියෙනවා ඉතිං මේ තත්ත්වය හොදින් වටහා ගෙන අළුත් ආර්ථික මාවතකට අපි අවතීර්ණ විය යුතුයි කියන අදහස තමයි මම ප්‍රකාශ කරන්නේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.