චීනය එන්නත ගන්න ලංකාවට බලකරයි

චීන රජය සතු සීනෝෆාර්ම් ආයතනය  විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ් -19 එන්නත අනුමත කිරීම සඳහා චීනය ශ්‍රී ලංකා රජය උනන්දු කර ඇති අතර, ඉන්දියාවේ  නිපදවන ලද කෝවිෂීල්ඩ්   එන්නත්  500,000 ක් දිවයින ට ලැබිමත් සමග චිනය මෙසේ ශ්‍රී ලංකාවට  එන්නත ලබා දිමට උනන්දු වෙමින් සිටන බව වාර්තා වෙයි.

ඉන්දියානු සාගර කලාපයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිටියේෂන් හි ප්‍රධාන හවුල්කරුවෙකු වන ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රාව 300,000 ක් තෑගි කිරීමට චීනය තීරණය කර තිබේ.

කොළඹ චීන තානාපති කාර්යාලය, සීනෝෆාම් ආයතනය  එන්නත අනුමත කිරීම සඳහා  රජය උනන්දු කරමින් සිටින්නේ  වෙනත් රටවල මෙම එන්නත සඳහා ඇති කාර්යක්ෂමතාව සහ අනුමැතිය උපුටා දක්වමිනි.

ඉන්දියාවේ සිය රටේ නිෂ්පාදනය කළ කොරෝනා වයිරස් එන්නත් මිත්‍ර  රටවලට ප්‍රදානය  කිරීමට ගත් තීරණය නිසා චීනය මෙම එන්නත ලාබදිම ප්‍රමාද  කළ  බව  ඔවුන්   පවසයි.

චීනය මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දියාව විසින් කොවිෂීල්ඩ් එන්නත ශ්‍රී ලංකාවට තෑගි කරන බව නිවේදනය කිරීමෙන් ටික කලකට පසුවය. ඉන්දියාවේ පූනේහි පිහිටි සීරම්  ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන ඔක්ස්ෆර්ඩ්  ඇස්ට්‍රාසෙනෙකා එන්නත හෙවත්  කොවිෂීල්ඩ්ස් එන්නත , ශ්‍රී ලංකාව  තුළ හදිසි භාවිතය සඳහා අනුමත කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.