ඊස්වරන් රත්නම්
දේශපාලන පවුල් වල මෙන්ම දේශපාලන හිතවත්කම් රැදී පවුල් වල සාමාජිකයන් කිහිපදෙනෙක්ට රාජතාන්ත්‍රික තනතුරු සඳහා පත් වීම් ලබා දී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
පත්වීම් ලැබී ඇති බව කියනු ලබන අය අතර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ දියණිය වන දුල්මිනි අත්තනායක සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ දියණිය වන රන්දුලා ගුණවර්ධන ද වේ. එමෙන්ම විදෙස් ශ්‍රී ලාංකික දූත මණ්ඩලයක පත්වීමක් ලැබෙන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායකගේ දියණිය වන සුබෂිනි සමරනායක ය.
විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් පැවසුවේ සමහර පත්වීම් තහවුරු කර ඇති බවය. කෙසේ වෙතත්, එම නිලධාරියා අවධාරනය කළේ අවශ්‍ය පළපුරුද්ද හෝ අධ්‍යාපන සුදුසුකම් සහිත සුදුසු පුද්ගලයින් සඳහා දේශපාලන පත්වීම් ලබා දෙන බවයි.
ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ තම දියණියට මෙම පත්වීම ලබා දී ඇත්තේ හිටපු රජය විසින් බවය. හිටපු විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් දුල්මිනි අත්තනායකට මෙම පත්වීම ලබා දුන් බවත් එම කැබිනට් පත්‍රිකාවක් 2019 ජූලි මාසයේදී නිකුත් කළ නමුත් ජනාධිපතිවරණයේ ප්‍රථිපල මත එම ක්‍රියාවලිය 2019 නොවැම්බරයේදී අත්හිටුවා ඇති බව අත්තනායක මහතා පැවසීය.
වත්මන් පරිපාලනය එම කැබිනට් පත්‍රය පමණක් ඉදිරියට ගෙන යමින් එලෙස එදා ලබා දී ඇති පත්වීම් අලුත් කර ඇති බව ද ඔහු පැවසීය. ඒ අනුව ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ධුරයට පත්වීමට නියමිත තම දියණිය මෙම තනතුර සඳහා සුදුසුකම් ලබා ඇති බව ද අත්තනායක මහතා පැවසීය.
ඔහු පවසන්නේ ඇයට එම තනතුර සඳහා අධ්‍යාපන සුදුසුකම් ඇති බවත් දේශපාලන සම්බන්ධතා මත පදනම්ව ඇයට පහර දීම පිළිගත නොහැකි බවත්ය. ඩේලි මිරර් පුවත්පතට සම්බන්ධ වූ විට මොහාන් සමරනායක මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමාට කිසිදු අදහසක් නොමැති බවයි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද මේ ගැන අදහස් දැක්වුයේ නැත.