ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 08ක් වාර්තා වීමෙන් මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහල ගොස් ඇත.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 300 සිමාව පසු කර තිබේ. එලෙස ඊයේ දවසේදී මිය ගොස් ඇත්තේ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමිපුද්ගලයෙකි. අනෙක් පානදුර ප්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවකි. ගාල්ල ප්‍රදේශයේ 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කළුතර ප්‍රදේශයේ පදිංචි 90 හැවිරිදි කාන්තාවකි.
මොරටුව ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පිලිය්න්දල් ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක්, සයින්දමරුදු ප්‍රදේශයේ 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 66 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබේ.