මුස්ලිම් කොරෝනා මළ සිරුරු බැහැර කිරීමේදී ආගමික විශ්වාසයන්ට ගරු කරන ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.
කොරෝනාවෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් චාරිත්‍ර, ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය නිර්දේශයන්ට යටත් ව, ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට අනුකූලවන පරිදි සිදු කිරීමට අවශ්‍ය අවසර ලබා දෙන ලෙස, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත.
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.
“COVID-19 හි ඛේදවාචකය බොහෝ ජීවිත බිලිගෙන ඇත. අන්තර්ජාතික මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආගමික විශ්වාසයන්ට හා සංස්කෘතික සම්ප්‍රදායන්ට ගරු කිරීමට හා ඒවාට අනුගත වීමට අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු. එවිට මිනිසුන්ට තම ආදරණීයයන්ට සමුගැනීමක් ඔවුන්ගේ විශ්වාසයන්ට අනුකූලව ලබාදිය හැකිය.” එහි සඳහන් කර ඇත.
නමුත් තවමත් කොරෝනා දේහ භූමදානය කිරීමට මුස්ලිම්වරුන්ට ඉඩ දීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබේ.