චීන එන්නත ගෙන්විය යුතුද කියලා ප්‍රශ්ණයක්

මෙරට එන්නත්කරණය අදින් ආරම්භ විය. ඉන්දීය පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත මෙන්ම කොවිඩ් එන්නත් කරණය සම්බන්දයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා දැක්වූ අදහස් කිහිපයකි මේ.

මේවන විට එන්නත්කරණය ආරම්භ වෙලා. ඒවගේම කුමන හෝ එන්නතක් මෙරටට ආවම ඕනෑම කෙනෙක්ට විදගන්න පුලුවන්ද ?
ඔව් ඒත් මෙහෙමයි නිධන්ගත රෝගා තියෙන අය ඉන්න පුළුවන්.එවැනි රෝග තියෙනවා නම් ඒ ගැන අවධානයක් යොමු කල යුතුයි. සෞක්‍ය අමාත්‍යංශය කොහොමත් මාර්ගෝපදේශ නිකුත් කර තියෙනවා. ඒ අනුව කටයුතු කල යුතුයි.

එන්නත්කරණයක් සිදු වන විට ඊට අවශ්‍ය පහසුකම් අපේ රටේ තියෙනවා ද ?
කොවිෂීල්ඩ් එන්නත ගත්තම මෙම එන්නත සාමාන්‍ය උෂ්ණත්වයක තියන්න පුළුවන්. ඒ කියන්නේ ධන 2ත් – 8ත් අතර. ඒ කියන්නේ සාමාන්‍ය ශීතකරණය උෂ්ණත්වයක්. එතකොට සාමාන්‍ය ශීතකරණය වුනත් තැබිය හැකියි. මෙම එන්නතට රිය යන්න හොද නැහැ ඒවගේම කෙලින්ම හිරු එළියට නිරාවරණය වෙන්නත් හොද නැහැ. නමුත් ෆයිසර් එහෙම නැහැ. ඒකයි අපි කියන්නේ මෙය අපේ රටට ගැලපෙන භෞතික පරිසරයට ගැලපෙන එන්නතක්අ. ඒ නිසා ප්‍රවාහනයේදී ගබඩාකිරීමේදී මේ සියල්ලේදී පහසුයි.

මෙයින් ඇති විය හැකි අතුරුඅබාධ ගැන ඔබ දෙන සහතිකය මොකද්ද ?
මෙහෙමයි මෙතෙක් එහෙම දැඩි අතුරුඅබාධ වාර්තා වෙලා නැහැ. වාර්තා වී ඇති අතුරුඅබාධ සියල්ල වගේ සුළු ඒවා. පොඩ්ඩක් ඉදිමුනා, රතු වුනා.. ඒගේ .. නැත්නම් ඇගේ රස්නේ ගතියක් ආවා. කෑම අරුචිය. මේ වගේ දේවල් ඒවා දවස් දෙක තුනකින් අරිලායනවා. ඒ ඇරෙන්න දරුණු අතුරුඅබාධ නැහැ. කොවිඩ් ප්‍රශ්නෙදි රටක් විදියට ලෝක සෞක්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තරය තුල අපි සම්මානයට පත්‍ර වූ රටක්. එනිසා නිසි වැඩපිළිවෙලක් මුල ඉදලා තිබ්බ වගේ හැමදේටම එවන්වූ වැඩ පිළිවෙලක් තියෙනවා.

අතුරුඅබාධ ආදේශන ක්‍රියාවලිය ලෝකෙටම මොඩල් එකක් බෙහෙත විදලා නතර කරන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා අපි බලනවා. අතුරුආබාධ ආදේශන ක්‍රියාවලියත් ශක්තිමත්ව ඉදිරියට ගෙනියනවා. ආණ්ඩුවේ වගකීම තමයි හරි එන්නතක් ගෙනත් දෙන එක. මේ එන්නත්කරණය ක්‍රියාවලියේදී ඉදිරියෙන්ම ඉන්න රටක් තමයි ඊශ්‍රායලය. අපිට පුළුවන් ඊශ්‍රායලයටත් වඩා හොදට මෙය කරන්න මොකද එතරම් කැපවීමෙන් අපේ සෞක්‍ය කාර්ය මණ්ඩලය වැඩ කරනවා. අපිට කාර්යක්ෂමව එන්නත් ලබා දෙන්න පහසුකම් තියෙනවා කාර්යමණ්ඩලය ඉන්නවා.

අපේ සෞක්‍ය කාර්ය මණ්ඩලය ගත්තම සරම්ප තුරන් කිරීම දවසින් කළා. රුප්බෙල්ලා ,පෝලියෝ තුරන් කිරීම අපි යුද්දේ තියෙන වෙලෙත් හරියාකාරව කළා. එහෙම කාර්යක්ෂම නිලධාරීන් කාර්ය මණ්ඩලයක් සෞක්‍ය ඉන්නවා. සෞක්‍ය කාර්ය මණ්ඩලයට ඒ හැකියාව තියෙනවා එන්නත්කරණය නියමාකාරයෙන් කරන්න ඒ ගැන සැකයක් තියාගන්න එපා.

පළමු අදියරේදී පළමු මාත්‍රාව දීලා දෙවන මාත්‍රාව ලබා දීමේ වැඩ පිළිවෙලත් නිසි පරිදි සිදු වෙයිද ?
ගෙනාපු එන්නත මාස 6ක් තියා ගන්න පුළුවන්. පළමු 250,000 දීලා ඊළගට දෙන්න අනිත් ටික තියා ගන්නම අවශ්‍යයි. ඒවගේම එන්නත් කවලම් කරලා විදින්නත් බැහැ. ඒ කියන්නේ අද ඉන්දියාවේ එන්නත දීලා පස්සේ ෆයිසර් විදින්න බැහැ. මේ එන්නත් වල තාක්ෂණය වෙනස්. ලැබූ තොගයේ ඉතුරු 250,000 ආරක්ෂිතව තියන්න වෙනවා. එකට සැලැස්මක් තියෙනවා. ඒවා භාධාවකින් තොරව සිදුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

එක බෝතයකින් 10 දෙනෙක්ට විදින්න පුළුවන් නේද ?
ඔව් එහෙම තියෙනවා සමහර එන්නත් තනිව ඒ කියන්නේ සිංගල් විදියටත් එනවා. නැත්නම් මෙහෙම මල්ටි ඩොස් විදියට එන්නත් පුළුවන්. කොහොමත් එක බෝතලයක් කැඩුවම තබා ගන්න පුළුවන් පැය ගානක් තියෙනවා. වේලාවන් ලබා දීලා සායන වලදී සැලැස්මක් අනුව සිදු වෙන්නේ මේ නිසා සායන වෙලාවල් දීලා තියෙන්නේ එකයි, එවිට එන්නත් අපතේ යන්නේ නැහැ. මේ දවස් වල PCR සදහා දවසට මිලියන 100ක් වියදම් කරනවා. මේවා මිනිස්සුන්ගේ සල්ලි.

මේක විතරක් නෙමෙයි මෙහෙම පිටින් එන ඕනෑම එන්නතක් ගොඩක් මිනිස්සු විදින්න බයයි. මෙහි වැදගත්කම ගැන ඔබ දෙන පණිවිඩයක මොකද්ද ?
අලුත් දෙයක් එනකොට සමාජයේ දෙගිඩියාවක් ඇති වෙනවා. මේක අපිට විතරක් නෙමෙයි ලෝකටේම අලුත්. දැනට අපිට ලැබී ඇති තොරතුරු වලට අනුව මහි සියයට 80ක පලදායිතාවයක් තියෙනවා. මරණ වගේම සංකුලතා වලක්වන්න පුළුවන් හැකියාවක් මෙයට තියෙනවා.

කොවිඩ් එන්නත් නොමිලේ ලබා දීම ගැන ඔබලාගේ ස්ථාවරය ?
අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉදිරියේදී අවශ්‍යනම් ගෙවලා විද ගන්න පුළුවන් හැකියාව ඇති කරන්න හැකි වේවි. නමුත් රජයේ රෝහල් වල නොමිලේ මේ පහසුකම ලබා ගැනීමේ පහසුකම් ඇතිවිය යුතුයි කියන තැන තමයි අපි නම් ඉන්නේ .

දැන් චිනයෙනුත් එනවා. මෙම එන්නත ගැන ඔඅබලගේ මතය ?
ඒ පිළිබද මම ගොඩක් විස්තර දන්නේ නැහැ. දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව මෙහි ප්‍රථිපලය පලදායිතාවය සියයට 50ක් කියලා සමහර පරීක්ෂණ වලදී හෙළි වෙලා තියෙනවා. ඉතින් එහෙම එකක් ගෙන්වන්න අවශ්‍යද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රතිපල පලදයිතාවය 50ක සමහර පික්ෂණ වලදී හෙළිවෙලා තිබ්බේ එහෙම පලදයිතාවයක් තියෙන එන්නතක් ගේන්නද ඕන කියලා දැනට ප්‍රශනයක් තියෙනවා. ඉදිරියේදී මෙය ගෙන්නවා නම් ඊට NMR අනුමැතිය අවශ්‍යයි. ලෝක සෞක්‍ය සංවිධානයේ නිර්දේශය අවශ්‍යයි. මේවා නිරවුල් වෙලා ඉදිරියට ගියොත් අපේ විරුධතාවයක් නැහැ.

කොවිඩ් වාර්තා වීම් වැඩි වෙද්දී සුවවෙන පිරිසුත් වැඩි වුණා. මේ මොහොතේ රටේ කොවිඩ් අවදානම කොහොමද ?

මිට කලින් ලෙඩ්ඩු 300,400 වාර්තා වුණා. දැන් 700,800 වාර්තා වෙලා ඊයේ වෙනකොට 900ක්. මාසෙකට කලින් බස්නාහිර කොළඹ ආසාදිතයින් වැඩි වෙද්දී දැන් ඒක පිටට ගිහින්. පිට පළාත් වලින් රෝගීන් වර්තාවීම් වැඩි වෙලා. අඩුපාඩු සිද්ධ වෙන්න ඇති ඒත් අනෙක් ලෝකේ රටවල් එක්ක බලනකොට අපි කොවිඩ් කළමනාකරණය පෙත්තේ හොද තැනක ඉන්නවා. දැන් නිරෝධනය කරලා පෙරේදා ඉදලා දවස් 10න් ගෙදර යවනවා.

රටක් විදියට අපි හොද තැනක හිටියට මතුවෙන අවධානම නැති කර ගන්න අපි වගබලා ගන්න ඕන. චීනයේ පහුගිය දා වැඩි වෙනකොට සමස්ත ජනගහනයම ආවරණය වෙන්න පිසිඅර් කළා අපිට එහෙම පහසුකම් නෙහැ. අවධානම සන්නිවේදනය කිරීම, අවධානම් සහිත නගර අතර සංචරණ සිමා ගැන දැමීම ගැන මිට වඩා සැලකිලිමත් විය යුතුයි. 2021 නව වසරේ සියලු දෙනාටම බලාපොරොත්තු තියෙනවා ඉතින් එම අපේක්ෂාවන් ඉෂ්ඨ කර ගන්න පුළුවන් වෙන්නේ අවධානම අඩු කර ගත්තොත් තමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.