ශ්‍රී ලංකාව පවසන්නේ යුද්ධය පැවති සමයේ ඉන්දියාව සමඟ ඇති සමීප සම්බන්ධතාවය එල්ටීටීඊය පරාජය කිරීමට ඉවහල් වූ බවයි. ඉන්දියාව සමඟ එවන් අතීතයේ සිට සම්බන්දතාවයන් පවතින බව සිහිපත් කරමින් ජනාධිපතිගේ හිටපු ලේකම් ලලිත් වීරතුංග මහතා පැවසුවේ එදා යුද්ධය මෙන් අද කොවිඩ් යුද්ධයත් ජය ගැනීමට ඉන්දියාව උදව් කරන බවය.
ජනාධිපතිගේ හිටපු ලේකම් ලලිත් වීරතුංග මෙකි ඉතිහාසය මතක් කරමින් එය අපට ජයග්‍රහණය කළ නොහැකි යැයි සියලු දෙනා පැවසූ යුද්ධයක් ජය ගැනීමට උපකාරී වූවායි පැවසීය.
ඉන්දියාවේ පරිත්‍යාගයෙන් ලංකාවට ලැබුණු කෝවිඩ් එන්නත්කරන වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් වීරතුංග මහතා මේ බව පැවසුවේය.
ශ්‍රී ලංකාවේ එන්නත් ලබා ගැනීම සහතික කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විශාල වශයෙන් සහාය වූ බව වීරතුංග මහතා පැවසීය.
එන්නත් කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස අද වන විට පුද්ගලයින් 2,430 කට වැඩි පිරිසකට එන්නත් ලබා දී ඇත.