සංචාරක දකුණු අප්රිකානු කණ්ඩායම සමග කරච්චි ක්රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත්විය.
ජයග්රහණය සඳහා ලකුණු 88ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන ක්රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී අදාළ ලකුණු රැස්කිරීමට සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්රිකානු කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 220 ලබා ගත්තේය.
ජයග්රාහී ලකුණ ලබාගත්තේ පාකිස්තාන පළමු ඉනිමේ වීරයා වූ ෆවාඩ් අලාම් ය. ඊට පිළිතුරු ලෙස පාකිස්තානය ලකුණු 378ක් රැස්කළ අතර සංචාරක දකුණු අප්රිකානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 245ක් රැස් කළේය.