සිරගතවූ රංජන්ට මධුමාදව ලියපු දේ

මධුමාදව සහ රංජන් දේශපාලන පක්ෂ දෙකක කටයුතු කිරීම හේතුවෙන් ප්‍රසිද්ධියේ කිහිප අවස්ථාවකදීම ඔවුනොවුන් ප්‍රතික්ෂේප කිරීම් පසුගිය කාලය පුරාවටම දැකගන්නට හැකි විය. කලාකරුවන් ලෙස ඔවුන් වැඩ කාලයක් ඇත.

කෙසේ වෙතත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන රංජන් රාමනායක මහතා බරපතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවමක් පැනවූයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනවා යටතේය.

බොහෝ අය බොහෝ දේ කියද්දී ජනප්‍රිය කලාශිල්පියෙකු වන මධුමාදව අරවින්දද රංජන්ගේ දඬුවම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණේ මෙසේයි.

අපරාදේ රන්ජන් අපරාදේ ඒ වසර හතර නුබ ඉන්නා බූමියෙ මන් ඉන්නෙ නෑ එක මේසෙක කිසි දින ඉදගන්නෙ නෑ එක බත් පත දෙකට බෙදන් කන්නෙ නෑ නුබ හිරගත උනාට හිත සතුටු නෑ මූනට අකමැතියි කියන්න බැරි එව්වෝ දැක්කම නගිටලා යන්නට මැලි වූවෝ අකමැති දේට අකමැතිකම් අපි පෑවෝ වෙන නුබ සමග තරහක් ඇති නොම වූවෝ විසිපස් වසරකට වැඩියෙන් මිතුදම පරනයි මහ සගරුවනට බැන්නට බොට බුදු සරනයි අපරාදේ වසර හතර මට හිත ගරහයි නිදහස් වෙලා ආවට පසු ආයෙත් තරහයි මදු මාදව අරවින්ද ඔහු වසර හතරකට හිරබත් කන එක ගැන in box එකට මට ලැබෙන සුබ පැතුම් මම ඉතා ආදරයෙන් ප්‍රතික්ෂේප කරමි. මාව නොදන්න අය එහෙම හිතුවට මේ මොහොතේ මම හරි වැරද්ද හොයනවා වෙනුවට ඒ වසර හතර ඔහුට අහිමිවෙන එක ගැන කනගාටුවෙමි හරි හෝ වැරදි , එකට එක්ව කතාවක් නැති මුත් අපි බොහෝ පැරනි මිතුරන් වූ බැවින්

මේ මොහොතේ ඒ පැරනි අපේ මිතුදම ඉදිරියේ මහත් කම්පනයකට පත්වී සිටිමි කවුරු කැමති උනත් නැතත්දෙවියෙක් නොවුන මම මහත් සේ ඒ වසර හතර ගැන කනාගාටුවෙමි අපරාදෙ රංජන්ඇත්තටම අපරාදේ අකමැති දේට මූනටම අකමැති කී මම ඔහු සමග මියනතුරු එක බූමියක එකට සිටින්නේ නැත නමුත් ඔහුට ඇති ජනප්‍රියත්වයට මිත්‍රත්වය තුල ඇති සුන්දර කමට විටෙක කියන කැත ඇත්තට. සහ පිරිමියෙක් හැටියට ඔහු කාන්තාවන්ගෙන් ලද ආකර්ෂණීය කිසි විටකත් විවේචනය නොකල කෙනෙක් හැටියට, එයට ඉරිසියනොකල එකෙක් හැටියට කනගාටුව වෙමි එකට මිතුදම් පෑ එකෙකු හිර බත්ක න විට මනුස්සයෙක් හැටියට ඇතිවන වේදනාව කෙසේ යටපත් කරන්නද සමහර විට බුකියෙ සමහර අය මේ අදහසට විරුද්ද ඇති මන් හැම විටම කලේ හිතුවෙ මට ඕනෙ දේ ඒ නිසා මේ මොහොතේ මට මා වෙන්න මගෙ profile එකේ අයිතියක් තිබිය යුතුයි අපි මිනිස්සු බන්මට කනගාටුයි සමහරවිට මන් ඔබ බලන්න එයි නිද හස් වෙන තුරු මම ඔබ සමගයි නිදහස්වෙන දා ආයෙත් තරහයි.
මදූ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.