තාරුකාගේ පුංචි පුතුගෙ මාස 6යේ උපන්දිනය

තාරුකා වන්නිආරච්චි කවුරුත් හඳුණන නිහතමානී ශිල්පිණියක්. නමුත් ටික කාලයක් ඇය දක්නට ලැබුණේ නැහැ.

මෙරට ටෙලි නිර්මාණ මෙන්ම චිත්‍රපට වලත් දැවැන්ත චරිතයක් වූ ඇය උතුම් වු මව් පදවිය ලැබීම ඊට හේතු වෙලා.

“මට කියාගන්න බැරි සතුටක් තමයි තියෙන්නේ. මම දවස් ගණන් කරකර හිටියේ පුතාගේ මුහුණ දකිනකන්. ඒ අවස්ථාව මට හිතුවට වඩා ඉක්මනින් උදා වුණා. කාන්තාවක් මවක් වෙන්න සුදානම් වෙනකොට බොහොම පරිස්සම් වෙනවා. ඉතින් මමත් එහෙම තමයි. මේ වසංගත තත්වය නිසා අපිට කොහේටවත් යන්න බැරි උනා. නිකන් වෙස් වලාගත්ත ආශීර්වාදයක් උනා. මම කලේ ඉතින් ගෙදරට වෙලා මගේ චූටි පැටියව බලාගත්ත එක තමයි. මම හරියට මහත් උනත් එක්ක. මම කවදාවත් රංගනයෙන් ඈත් වෙන්නනම් හිතලා නැහැ” කියලයි තාරුකා පවසන්නේ.

තාරුකාගේ පුංචි පුතුට දැන් මාස 6ක්. ඉතින් මේ මාස හයේ උපන්දින සාදය පසුගියදා ලස්සනට සමරලා තිබුණේ මෙහෙම. කොහොමවුණත් ඇය ඉක්මනින් රංගනයට පැමිණේවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.