ලොකයේ දේශගුණික වෙනසක්

මේ වසරේ නොවැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව පැවැත්වීමට නියමිතය. ලොව සිදුවන විශාලතම පාරිසරික හා දේශගුණික විපර්යාසවලින් ආරක්ෂාවීම සඳහා ඇති අවසාන හා හොඳම අවස්ථාව මේ වසරේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව බව අමෙරිකානු දේශගුණික නියෝජිත ජෝන් කෙරී පවසයි.

එමෙන්ම ජෝන් කෙරී මහතා පවසන්නේ, වත්මන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් දේශගුණික විපර්යාසයන් වැළැක්වීම සඳහා වන නියෝග රැසකටම මේ වන විටත් අත්සන් කර ඇති බවය.

මේ වන දේශගුණික වෙනස්කම් වලින් වාර්තා වන දැවැන්තම සිදුවීම වන්නේ ඇන්ටාටිකාවේ සිට බිඳී ආ ලොව විශාලතම අයිස් පර්වතය වූ ඒ-28-ඒ අයිස් පර්වතය තවත් කුඩා කොටස් කිහිපයකටම කැඩී යාමය. මේ වන විට එම‍ කොටස් දකුණු ජෝර්ජියා ආසන්න ප්‍රදේශයට පාවෙමින් එන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙය අභ්‍යවකාශයේ සිට නිරීක්ෂණය කරන විට ගොඩබිමක් ආකාරයෙන් දර්ශණය වේ.

එම අයිස් පර්වතය, ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 58,00ක් තරම් අති විශාල අයිස් පර්වතයක් වන අතර චන්ද්‍රිකා දත්ත මගින් පෙන්නුම් කර ඇත්තේ, එම අයිස් පර්වතය මේ වන විට ප්‍රධාන කොටස් කිහිපයකට හා අනු කොටස් රැසකට බිඳීගොස් ඇති බවය.

ඔහු ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පාලනය යටතේ දේශගුණික විපර්යාස සඳහා ක්‍රියා කිරීමට අවස්ථාව වසර ගණනාවකින් අහිමි වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.