රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාට කොවිඩ් – 19 වෛරසය වැළඳී ඇතැයි ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහන් කර ඇත.
ඊයේ (28) උදෑසන පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුවු බවත් එහිදී තමා ආසාදිත බවට තහවුරු වු බවත් ඒ මහතා සිය ෆේස්බුක් සටහනේ දක්වා ඇත.
තමාට වෛරසය ආසාදනය වී ඇතැයි සිතන දින සිට කිසිදු කලා කටයුත්තක් සඳහා සහභාගී නොවු බවත්, එම කාලය තුළ තමා හමුවු පුද්ගලයින් ට මේ පිළිබඳ දැනුවත් කළ බවත් ඔහු වැඩිදුරටත් සටහනේ දක්වා තිබේ.
බිමල් ජයකොඩි මහතා මේ වන විට සෞඛ්‍ය අංශවල මඟපෙන්වීම යටතේ නිරෝධායනය සඳහා යොමුව සිටීයි.