කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

එමෙන්ම පෙබරවාරි 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාරක සභාවට කැඳවීමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව සැලකිල්ලට ගනු ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පැවසීය.

මහනුවර දිස්තික්කයේ නායයෑම් අධි අවදානම් කලාපයන්හි ජීවත්වන ජනතාව නැවත පදිංචි කිරීමට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසාබැලීම පෙබරවාරි 24 වැනිදාත් ශ්‍රී ලංකාවට ප්ලාස්ටික් ආනයනය කළමනාකරණය කිරීම සහ ඒවා මෙරට තුළ භාවිතය පිළිබඳව විශේෂ විගණන වාර්තාවක් පෙබරවාරි 26 වැනිදා සැලකිල්ලට ගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.