අබුඩාබි ටී ටෙන් ක්රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද (29) පැවැත්වේ.
ඊයේ පැවති නෝදන් වොරියර්ස් හා මරතා ඇරබියන්ස් අතර තරගය කඩුලු පහකින් ජයගත්තේ මරතා ඇරබියන්ස් කණ්ඩායමය.
ප්රථමයෙන් පන්දුවට පහරදුන් වොරියර්ස් ක්රීඩකයින් කඩුලු 2 ක් දැවී ලකුණු 127 ක් ලබාගත් අතර ඇරබියන්ස් ක්රීඩකයින් නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී තිබියදී ජයග්රාහී ඉලක්කය පසු කළේය
ඩෙකන් ග්ලැඩියේටර්ස් සහ පූනේ ඩෙවිල්ස් අතර තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමිවූයේ පූනේ ක්රීඩකයින්ටය. ඩෙකන් ග්ලැඩියේටර් ක්රීඩකයින් නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 104 ක් ලබා ගත් අතර පූනේ ක්රීඩකයින් එම ඉලක්කය කඩුලු 3 ක් පමණක් දැවී තිබියදී පසු කිරීමට සමත් විය.
බන්ග්ලා ටයිගර්ස් හා දිල්ලි බුල්ස් අතර තරගය දිල්ලි බුල්ස් ක්රීඩකයින් ජයගත්තේ කඩුලු 4 කිනි.