දකුණු පළාතට අයත් ගාල්ල,මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (28) වාර්තා වූ නව ආසාදිතයින් 48 දෙනා සමග මේ වන විට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,502 දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ දවසෙදි තවත් කොරෝනා ආසාදිත වූවන් 892නෙකු මෙරටින් හමුවුණා. දවසකදි වැඩිම කොරෝනා ආසාදනය වූවන් පිරිසක් හමුවුණ දවස ලෙසයි ඊයෙ (28) දවස සැළකේ. ඊයේ දිනය තුළ මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිතයින් 892නා අතර විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 40 දෙනෙකුද වේ. වැඩිම ආසාදිතයින් පිරිස හදුනාගත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 298කකි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 203දෙනෙකු ද, කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42 නෙකුද ඊයේ හදුනාගත් පිරිසට ඇතුළත් බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේය.
මාතර දිස්ත්‍රික්කයේ වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 913ක්. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1320ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 269ක් වාර්තා වෙයි. ගතවූ පැය 24 තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 9 දෙනෙක් හා මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 30 දෙනෙක් ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 9 දෙනෙක් ද අලුතින් වාර්තා වී තිබේ. දකුණු පළාතේ පවුල් 2,721ක පුද්ගලයින් 7,536 දෙනෙක් මේ වන විට නිරෝධායනයට ලක්කර සිටියි.
කොරෝනා රෝගීන් සොය ගැනීම සඳහා දකුණු පළාතේ මේ වන විට පීසීආර් පරීක්ෂණ 86,702ක් සිදුකර තිබේ. එයින් ගාල්ල දිස්ත්‍රික්කයේ පරීක්ෂණ 40,165ක් ද මාතර දිස්ත්‍රික්කයේ පරීක්ෂණ 26,955ක් ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරීක්ෂණ 19,582ක් ද සිදුකර තිබේ.
පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව, ඔක්තෝබර් මස 30 වැනි දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 2680 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.