චීන එන්නත ගබඩා කිරීමට කටයුතු සුදානම් කෙරේ

අශන්ති වරුනසුරිය

ඉන්දීය රජය ප්‍රදානය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එඑන්නත්කරණ වැඩසටහන මෙරට ආරම්භ වී ඇත. මේ අතර චීනයෙන් සහ රුසියාවෙන් මෙරටට කොරෝනා එන්නත් ප්‍රදානයන්ට අවශ්‍ය ඖෂධ ගබඩා සූදානම් කරමින් පවතින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේය.

ශ්‍රී ලංකාවට චීනයෙන් ලබා දෙන කොවිඩ් 19 එන්නතේ මාත්‍රා ලක්ෂ 300,000ක පරිත්‍යාගයක් ලබාදීමට අදාළ ගිවිසුම ඊයේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යා‍ලයේ නියෝජ්‍ය ප්‍රධානී හූවෙයි සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්වරුන් විසින් අත්සන් තැබීය.

මෙම එන්නත් තොගය ලබන මස මැද බාගයේ දී ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගන්නා බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි. චීනයේ ජාතික ඖෂධ සමූහ සමාගම හෙවත් සිනෝ ෆාම් සමාගම එය නිපදවා තිබේ.

මෙමගින් කොවිඩ් 19 රෝගය වැළැක්වීමට 79%ත් 86%ත් අතර ප්‍රතිඵලදායකත්වයක් පෙන්වන බවයි, පැවසෙන්නේ. එමෙන්ම, ප්‍රතිදේහවල බලය 99.52%ක ප්‍රමාණයකින් උදාසීන කිරීමට එමගින් හැකියාව ලැබෙයි.

විශේෂත්වය වන්නේ සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වය එනම්, සෙල්සියස් අංශක 2ත් 8ත් අතර පහසුවෙන් ගබඩා කළ හැකිවීමයි. ජනවාරි 26 වැනිදා වන විට මෙම සිනෝ ෆාම් එන්නත ලොව මිලියන 2කට අධික ජනතාවට ලබාදී තිබේ.

ඉන්දීය රජය ප්‍රදානය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එඑන්නත්කරණය බස්නාහිර පළාතේ තෝරා්ගත් රෝහල් 6 කදී එන්නත් කිරීමේ කටයුතු අද ආරම්භ විය.

ඒ අනුව ඉන්දීය රජය ප්‍රදානය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා පළමුව ලබාදෙන්නේ කොරෝනා මර්දන කටයුතු සදහා ඉදිරි පෙළ ක්‍රියාකරන එක් ලක්‍ෂ පනස් දහසක් පමණ වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක් ලක්‍ෂ විසි දහසක් වන ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශවල පිරිස් වෙතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.