කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින්සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ සෞඛ්‍ය තත්ත්වය සුවඅතට හැරමින් පවතින බව ප්‍රතිකාර සේවාවන් ලබාදෙනු ලබන වෛද්‍යවරු පවසන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
සෞඛ්‍ය අමාත්‍යවරියගේ පළමු ආශ්‍රිතයින් සහ එතුමියගේ පෞද්ගලිකලේකම් කංචන ජයරත්න ඇතුලු සියළු පෞද්ගලික කාර්ය මණ්ඩලයේසාමාජිකයින් මේ වන විට නිරෝධායනය වෙමින් සිටින අතර, වෛද්‍යඋපදෙස් මත එම කාර්ය මණ්ඩලPCR පරීක්ෂණ වලට ද ලක් කිරීමට දපියවර ගෙනඇත.
එමෙන්ම ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ඉන්දියානු රජයෙන් ලැබීඇති ඇස්ට්‍රාසෙනෙකා කෙව්ඩ්එන්නතමෙරටට ලැබී ඇති අතර, එම එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල විධිමත් පරිදි සිදු කරන ලෙසටසෞඛ්ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහට සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය
අසේල ගුණවර්ධනට උපදෙස් ලබාදී ඇත.