ඉන්දියාවෙ කොවිෂීල්ඩ් එන්නත බ්‍රිතාන්‍යයේ සාර්ථක වෙයි

ඉන්දියාව නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් එන්නත බ්‍රිතාන්‍යයෙන් මතුවූ නව කොරෝනා වෛරස ප්‍රභේදයට එරෙහිව සාර්ථකව ක්‍රියා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය සහ ජාතික වෛරස විද්‍යා ආයතනය කළ අධ්‍යයනයකින් මෙය හෙළි වී ඇත.

ඉන්දියාවේ සෞඛය හා පවුල් සුබ සාධන අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවලට අනූව ජනවාරි මස 23වැනි දින වන විට 150 දෙනෙකුට නව වෛරස ප්‍රභේදය ආසාදනය වී තිබේ.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය හා ඇස්ට්‍රාසෙනෙකා ආයතනය නිෂ්පාදනය කළ කොවැක්සින් එන්නත ඉන්දියාවේ සීරම් එන්නත් නිෂ්පාදනාගාර තුළ කොවිෂීල්ඩ් ලෙස නිෂ්පාදනය කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.