ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග මහතා පවසයි.
රටේ ජනාධිපති සහ අගමැති යන දෙදෙනාම නාමල් රාජපක්ෂගේ ඥාතීන් බවත්, නාමල්ට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගා ගත නොහැකි නම්, වෙනත් කිසිදු ක්‍රීඩා ඇමතිවරයෙකුට එම කාර්යය සම්පූර්ණ කළ නොහැකි බවත් රණතුංග මහතා පවසයි.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාර ධුරයෙන් ද ඉල්ලා අස් විය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට තමන් මේ මොහොතේදී සුදානමක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා ඇත. ” 2014 වන විට අපි ලෝක ශුරයින්, 2015 වසරේ ආණ්ඩු පෙරළියත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමකට ලක්වුණා. එහිදී ක්‍රීඩාව දේශපාලනීකරණය වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටුණා කියලා කිව්වොත් නිවැරදි. නමුත් අපි කොහොම හරි ක්‍රිකට් ක්‍රීඩාව යලි පෙර තිබු ලෝක ශුරයින් කියන මට්ටමටම රැගෙන එනවා. ඒක මාස 2-3ක් තුලදී කරන්න පුළුවන් දෙයක් නෙමේ. කාලයක් ගතවෙනවා.
අනිත් එක ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරලා අතුරු කමිටුවක් පත් කරන්න කියලා ගොඩක් අය කියනවා. එහෙම වෙනවා කියන්නේ ඇමතිවරයා කෙලින්ම එතට ඇගිලි ගහනවා කියන එක. මම එහෙම කරන්න කැමති නැහැ, හැබැයි අවශ්‍ය උනොත් අතුරු කමිටුවක් පත් නොකර ඉන්නෙත් නැහැ. ඒ වගේම මම අර්ජුන රණතුංග මහත්තමයාට ආරාධනා කරනවා ක්‍රිකට් ගොඩනැගීමේ සැලැස්මට එන්න එක්තුවෙන්න කියලා” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වා ඇත.