ඊස්වරන් රත්නම්
කොරොන වෛරස් එන්නත් කිරීමේ වැඩසටහන කොළඹ හා ඒ අවට රෝහල් හයකදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
හෙට (සිකුරාදා) රෝහල් හයක කාර්ය මණ්ඩලය සඳහා එන්නත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ කොළඹ ජාතික රෝහල, කොළඹ දකුණු ශික්ෂණ රෝහල, කොළඹ උතුරු ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, කොළඹ නැගෙනහිර මූලික රෝහල සහ අංගෝඩ බෝවන රෝග රෝහලේ (අයිඩීඑච්) තෝරාගත් කාර්ය මණ්ඩලය මේ සදහා තෝරා ගෙන ඇත.
මෙම රෝහල්වල කාර්ය මණ්ඩලයෙන් සියයට 25 ක් පමණ ආරම්භයේදීම එන්නත ලබා දෙන බව ඔහු පැවසීය. ඉදිරි දින කිහිපය තුළ ඉතිරි සේවකයින්ට එන්නත ලබා දෙන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. පෙරටුගාමී සෞඛ්‍ය සේවකයින්ගේ නම් දැනටමත් එකතු කර ඇත.
වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ප්‍රමුඛතාවය ලෙස ලැයිස්තුගත කර ඇති සියලු දෙනාට ඉදිරි දින කිහිපය තුළ එන්නත ලබා දෙන බවය. ඉන්දියාවෙන් එන්නත් ලබා ගැනීම, ප්‍රවාහනය කිරීම හා ගබඩා කිරීම සඳහා වන කටයුතු සූදානම් කර ඇති බව ද ඔහු පැවසීය