නිරෝධායනයට අදාළ මෙහෙයුම් තවදුරටත් බස්නාහිර පළාතේ සහ ඉන් පිටත පළාත්වල ක්‍රියාත්මකවේ. ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන පුද්ගලයින් රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණ සඳහා ස්ථාන 12කදී යොමු කිරීමට සැලසුම් කර තිබේ.
එළෙස සිදුකෙරෙන රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සඳහා බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන ජනතාව සෞඛ්‍ය අංශ වෙත සහය ලබාදිය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
බස්නාහිර පළාතේ හඳුනාගත් පොදු ස්ථාන, සති පොළ, මාළු අලෙවිකරණ ස්ථාන, එළවළු අලෙවිකරණ ස්ථාන සහ අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව පුද්ගලයින් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමේ මෙහෙයුම්, කොළඹින් පිටත්වන බස්රථවල මගීන් පරීක්ෂා කිරීමේ මෙහෙයුම් ද තවදුරටත් ක්‍රියාත්මකය.