ඉන්දික ශ්‍රී අරවින්ද
ඉදිරි සති දෙක ඇතුළත සත්වෝද්‍යාන දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට අවධානය යොමු වී ඇති බව වනජීවී රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂක වැඩපිළිවෙළ හා නැවත වගා කිරීම් කටයුතු අමාත්‍යංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ අදියරෙන් අදියර සත්වෝද්‍යාන නැවත විවෘත කිරීම සඳහා අවශ්‍ය පසුබිම මේ වනවිට සකස් කෙරෙමින් පවතින බවයි.
ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය,පින්නවල අලි අනාථාගාරය සහ රිදීගම සෆාරි උද්‍යානය මෙලෙස විවෘත කිරීමට නියමිතව ඇත.
මෙම සත්වෝද්‍යාන වසා දැමීම නිසා විශාල අදායමක් රජයට අහිමි වී ගොස් ඇති අතර දැනට පවතින තත්වය හමුවේ මෙම උද්‍යාන නැවත විවෘත කිරීමේ අවශ්‍යතාවය මතුව තිබේ.
මෙයට පෙරදී මෙම උද්‍යාන විදේශීය සංචාරකයින් සඳහා විවෘත කිරීමට අවසර ඉල්ලා තිබු නමුත් කොවිඩ් වසංගතය සතුන් අතර පැතිර යාමේ අවදානමක් මතු වේ යැයි බිය නිසා එයට අවසර ලබා නොදුනි.
එහෙත් මේ වනවිට කොරෝනා මර්දන එන්නත් මෙරටට ලැබෙමින් පවතින නිසා එම අවදානම් තත්වය පහව යනු ඇති බවට විස්වාශයක් පවතින බැවින් එය නැවත විවෘත කිරීමට අවධානය යොමු වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ප්‍රකාශ කළේ.