ඉහළ දක්ෂතා ඇති ක්‍රීඩකයින්ට පෝෂණ උපදෙස් ලබා දීම සඳහා ක්‍රීඩා වෛද්‍ය ආයතනය විසින් විද්වත් කමිටුවක් පත්කර ඇත.
මෙහිදී දක්ෂතා ඇති ක්‍රීඩකයින්ට සියලුම පහසුකම් ලබා දීමත්,පෝෂණ අවශ්‍යතා මැන බැලීමත්,අවශ්‍ය පෝෂණ නිර්දේශ කිරීම මෙන්ම පෝෂණතාවය පිළිබඳව නියාමනය කිරීමට ක්‍රීඩා වෛද්‍ය ආයතනයට උපදෙස් ලබා දීම මෙම විද්වත් කමිටුවේ කාර්යභාරය වෙයි.
මහාචාර්ය රේණුක ද සිල්වා,මහාචාර්ය චන්දිමා වික්‍රමරත්න,මහාචාර්ය ටෙරන්ස් මඩුජින්,ආචාර්ය ආනන්ද චන්ද්‍රසේකර යන මහත්ම මහත්මීන් මෙම විද්වත් කමිටුවේ සාමාජිකයින් වෙයි.
මෙම විද්වත් කමිටුව අධීක්ෂණය ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ලාල් ඒකනායක මහතා විසින් සිදුකරනු ලබයි.