චන්නගේ අලුත්ම වෙනස

ආදරණීය ජනප්‍රිය රංගන ශිල්පි චන්න පෙරේරා ගැන අමුතුවෙන් හදුන්වා දිය යුතු නැත. ඔහු රංගනයෙන් එහාට ගොස් අධ්‍යකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් මෙන්ම තිර රචකයෙකු ලෙසත් ක්ෂේත්‍රයේ නමක් දැරූ කලාකරුවෙකි.

“මන් මේ මොහොත තුල ජීවත් වෙන කෙනෙක් අතීතය ගැන පසුතැවීමක් හෝ අනාගතය ගැන බයක් නැතිව හැම මොහොතේම සතුටින් ඉන්න වගේම මං ලඟ ඉන්න අයත් සතුටින් තියන්න උත්සහ කරන කෙනෙක්. මේ අවස්ථාවේදී මේ දක්වා මට සහයෝගය දුන් සියලුම මාධ්‍ය හිතවතුන්ට වගේම මගේ රසික රසිකාවියන්ට හඳවතින්ම ස්තූති වන්ත යනුවෙන් මෙම ආදරණිය රංගන ශිල්පියා පවසයි.

මෙකි රංගන ශිල්පියාගේ අධ්‍යක්ෂක ජීවිතයට පසුගිය දා විසිවසරක් සම්පුර්ණ විය. ඒ අනුව ඔහුගේ රංගන ජිවිතේ රංගාභිෂේකයට මේ වන විට දශක තුනක් සම්පුර්ණ ව තිබේ.

ඒ නිමිත්තෙන් ඔහුගේ නවතම සිනමා නිර්මාණයක් වන සඳ දිය සළු චිත්‍රපටයත් සමඟ උත්සවයත් පසුගිය දිනක පැවැත්විණි. “අංජලිකා චිත්‍රපටයෙන් පසුව මන් කල චිත්‍රපට සියල්ලම වෙනස් ආකාරයේ චිත්‍රපට. නමුත් බොහෝ දෙනෙක් මට කිවුවේ ආකර්ශනීය සිනමාවේ ලක්ෂණ ඇතුලත් අංජලිකා වගේම චිත්‍රපටයක් නැවත කරන්න කියලා. ඉතින් සඳ දිය සළු කියන්නේ ඒ වගේම චිත්‍රපටයක් කරන්න දැරූ උත්සහයක්. ඉතින් මේ චිත්‍රපටයේ ඊටත් වඩා ආදරණීය සුන්දර කතා තේමාවක් සහිතයි. කෙටියෙන්ම කියනවානම් කොන්දේසි විරහිත සුන්දර ආදර කතාවක් සහිත සඳ දිය සළු චිත්‍රපටයේ කතාව මෙතෙක් මා අතින් ලියවුනු මන් කැමතිම කතාවයි. ඉතින් මන් වෘත්තිමය රංගන ශිල්පියෙක් අධ්‍යක්ෂකවරයෙක් නිෂ්පාදකවරයෙක් සහ තිර රචකයෙක්. මගේ තවත් නිර්මාණයක් වන ‘යුගාත්‍රා’ චිත්‍රපටයෙන් මාෂි සිරිවර්ධන ක්‍ෂේත්‍රයට හඳුන්වා දුන්නා. ඒක ලබන අගෝස්තු මාසයේ තිරගතවීමට නියමිතයි” යනුවෙන් ඔහු ඔහුගේ නවතම විස්තරය මෙසේ සවිස්තර කළේය.

‘සඳ දිය සළු’ නමැති ඔහුගේ නවතම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ දෙන නිම්හාරා සේනානායක නම් වූ නවක නිළිය මෙරට රංගනයේ නව සටහනක් සනිටුහන් කරාවි යනුවෙන් ද ඔහු පවසයි. නිම්හාරා යනු මෙරට දිනූ නිරූපන ශිල්පිනියකි. සරාගී පෙනුමකට හිමිකම් කියන්නියක් වන ඇය තුල රංගන කුසලතා මැනවින් ඇති බව මෙම නිර්මාණයෙන් පෙනී යයි. මිට අමතරව මාලනී ෆොන්සේකා, ක්ලීටස් මෙන්ඩිස්, මොරීන් චාරුනී, කුසුම් රේණු, ලාල් වීරසිංහ, අජිත් වීරසිංහ, ශ්‍රීමාල් වෙඩිසිංහ, අතුල අධිකාරී සහ ශේෂාද්‍රි ප්‍රියසාද් යන රන්ගන ශිල්පින් සම්බන්දව සිටියි.

සම්මාන දිනා ගැන රංගන ශිල්පියකු වූ චන්න මේවන විට ටෙලිනාට්‍ය රංගනය බොහෝ සිමා කර ඇතත් හොඳ චරිතයක් ලැබුනොත් නාට්‍ය වලට සිය දායකත්වය ලබා දෙන බවද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.