අර්ජුණ එ.ජා.ප උප සභාපති ධුරය ප්‍රතික්ෂේප කරයි

ඉන්දික ශ්‍රී අරවින්ද

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය භාර නොගෙන ප්‍රතික්ෂේප කරමින්     පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිතව අද (27) දින දැනුම් දී තිබේ.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ රටේ යපහත් ඉදිරි ගමනක් සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීමට එක්සත් ජාතිකපක්ෂය තවමත් අපොහොසත් වී ඇති බවයි. ”2020 මැතිවරණයට පෙර පක්ෂය තුළ ඇති වූ මත ගැටීම් හා බෙදීම් නිසා ඉතාමත් අවාසනාවන්ත ත්ත්වයක් උදාවීම අභ්‍යාගයකි.

පාක්ෂිකයින් එකතු කිරීම තුළින් එම තත්ත්වය වෙනස් කිරීමට මා දැඩි උත්සාහක් ගත්තේ භේද භින්න වීම පක්ෂයේ බිඳ වැටීමට හේතුවන බව දුටු බැවිනි. ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා දැයට හිකාමී ප්‍රබල ආණ්ඩුවක් මෙන්ම විරුද්ධ පක්ෂයක් ද තිබිය යුතු යැයි මම විශ්වාස කරමි.

එහෙත් පක්ෂය තුළ ඇති වූ මතභේද නිසා 2020 මැතිවරණයේදී විශාල පිරිසක් පක්ෂය අතහැර ගියා නමුත් ජයග්‍රණය පිළිබඳ අවධානමක් පැවැති එම අසීරු අවස්ථාවේදී පවා මා පක්ෂය අතහැර නොගියේ පක්ෂය රැකගත යුතුය යන්න අධිෂ්ඨානය පෙර දැරි කරගෙනය.

2020 මැතිවණයේදී අන්ත පරාජයක් ලැබීමෙන් පසුව ද මා පක්ෂය සමඟ රැඳුණේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමට සුදුසු වැඩපිළිවෙලක් සංවිධානය කෙරෙනු ඇත යන අපේක්ෂාවෙනි. එහෙත් අද වනතුරුත් එවැනි සාධනීය වැඩපිළිවෙලක් හෝ සංවිධානයක් ඇති බවක් නොපෙනේ.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරට මා පත් කර ඇති බවට දන්වා ඇතත් පවත්නා පසුබිම යටතේ එම තනතුර ප්‍රතික්ෂේප කිරීමට මා අදහස් කළේ රටේ යපහත් ඉදිරි ගමනක් සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීමට පක්ෂය තවමත් අපොහොසත් වී ඇති බව අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට යැවූ ලිපියේ සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.