ඉන්දියාවෙන් කොවිඩ් එන්නත් ලක්ෂ 15ක් මියන්මාරයට යවයි

පසුගිය සතියේ ඉන්දියාවෙන් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් මියන්මාරයට ලබා දී ඇත.

මියන්මාරය තුළ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබේ. ඒ අනුව අසල්වැසි ඉන්දියාවෙන් පරිත්‍යාග කෙරුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මියන්මාරයේ එන්නත්කරණ වැඩසටහන සඳහා යොදා ගන්නා බව සඳහන් වේ.

සෞඛ්‍ය සේවකයින් ඇතුළු කොවිඩ් මර්දන ක්‍රියාවලියේ නිරත පළමුපෙළ කාර්යය මණ්ඩල වෙත පළමු අදියරේ දී එන්නත ලබාදීමට සැලසුම් කර ඇත.

මියන්මාරයෙන් මේ දක්වා කොවිඩ් – 19 ආසාදිතයින් 138,000ක සංඛ්‍යාවක් සහ මරණ 3,082ක් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.