චීනයේ කොවිඩ් එන්නත් ලක්ෂ 3ක් ලංකාවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන රජයෙන් සිදුකළ ඉල්ලීමක් අනූව එරට නිපදවන “සයිනො ෆාමා” කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් ලක්ෂ 03ක ප්‍රමාණයක් ප්‍රධානයක් වශයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ පෙබරවාරි මාසයේ මැද භාගය වන විට අදාළ එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලබාදීමට හැකියාව පවතින බවය.

” ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගු කාලින මිත්‍රත්ත්වය සලකමින් කොවිඩ් වෛරසයට එරෙහිව සටනේදී ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 03ක් ප්‍රදානයක් වශයෙන් ලබාදීමට චීන රජය තීරණය කොට ඇත. එන්නත් නිෂ්පාදනය සහ දේශීය (චීනය) මෙන්ම විදේශීයව පවතින ඉල්ලුම මධ්‍යයේ වුවද එම එන්න්ත් ප්‍රමාණය ලබන පෙබරවාරි මස මැද භාගය වන විට ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගන්නවා” යැයි එම නිවේදනයේ සඳහන්ව ඇත.

චීනයේ ජාතික ඖෂධ නිෂ්පාදන සමාගම හෙවත් “සයිනො ෆාමා” විසින් නිෂ්පාදනය කරනු ලබන එම එන්නත ලොව රටවල් රැසක තෙවන අදියරේ සායනික පරීක්ෂණ මගින් තහවුරු කර ඇත.

එකසත් අරාබි එමීර් රාජ්‍යය, සයිබීරියාව, ඊජිප්තුව, බහරේන්, ජෝර්දානය, ඉරාකය, පාකිස්ථානය, චීනය ඇතුළු රටවල් රැසක සයිනො ෆාමා කොවිඩ් එන්නත භාවිතා කිරිමට අවසරය හිමිව ඇත.

මේ වන විට එන්නත් මිලියන 20ක් ලොව පුරා බෙදාහැර ඇති අතර සීෂෙල්ස් ජනාධිපති, බහරේන් අගමැතිවරයා, ජෝර්දාන් අගමැතිවරයා, එක්සත් අරාබි රාජ්‍යයේ උප ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහ සයිබිරියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ද මෙම එන්නත ලබා ගෙන ඇති බවයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.