වරාය සේවක වැටුප් 30%කින් ඉහළ දැමීමට වරාය අධිකාරිය බෑ කියයි

ඉන්දික ශ්‍රී අරවින්ද

තම වැටුප සියයට 30කින් ඉහළ නංවන ලෙස වරාය සේවකයන් රජයෙන් ඉල්ලීමක් කර තිබුණද ඒ සදහා වරාය අධිකාරියේ පාලනාධිකාරිය සුදානම් නොවූ බව වරායේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

එම සංගමයේ සභපති ප්‍රසන්න කලුතරගේ මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ වසර 3කට පසුව කරනු ලැබූ මෙම ඉල්ලීම පිළිබඳව අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

වරාය සේවකයන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් ඊයේ (26) පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට වරාය වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිටියා.

මෙහිදී වරාය අධිකාරිය විසින් යෝජනාවලියක් වෘත්තීය සමිති වෙත ඉදිරිපත් කළද එයින් 15%ක වැටුප් වැඩි කිරීමක් පමණක් ලබා දීමට සුදානම් බව දන්වා තිබුණි.

මේ අනුව ඉදිරි දිනයකදී යළි රැස්වී වැටුප් විෂමතා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශවය තීරණය කළ බවද ප්‍රසන්න කලුතරගේ මහතා වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.