ඇමෙරිකාවේ ආණ්ඩුකාර ධුරයට තරඟ කරන ලාංකික කෝටිපතියා

Social Capital නම් ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ, කෝටිපති ව්‍යාපාරික චමත් පලිහපිටිය මහතා කැලිෆෝනියාවේ මීළඟ ආණ්ඩුකාර ධුරය හෙබවීම සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වීමට නියමිතය.

මේ වන විට මේ ගැන විදෙස් මාධ්‍ය බොහෝ වාර්තා පල කරමින් සිටියි. ශ්‍රී ලංකාවේ ඉපිද ඇති චමත් මේ වනවිට කැනඩාවේ සහ අමෙරිකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු ලෙස ප්‍රකටව සිටියි.

ඔහු සුප්‍රසිද්ධ බිට්කොයින් ආයෝජකයෙකු වන අතර සෑම කෙනෙකුගේම ආයෝජන කළඹෙහි වැදගත් කොටසක් බිට්කොයින් වන බව අවස්ථා ගණනාවකදී දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.