ඉන්ධන මිල වැඩි කිරීම ගැන උදය කතා කරයි

අශන්ති වරුනසුරිය

ඉන්ධන මිල වැඩිකිරීමට යෝජනා කිරීම සම්බන්දයෙන් මේ වන විට බලශක්ති අමාත්‍ය ගම්මන්පිල මහතාට දැඩි ලෙස චෝදනා එල්ල වෙමින් තිබේ. එම යෝජනාව ජනහිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ප්‍රතික්ෂේප කල බවටද වාර්තා පල විය.

කෙසේවෙතත් මේ පිළිබදව අප කල විමසීමට බලශක්ති අමාත්‍ය ගම්මන්පිල මහතා පැවසුවේ එවන් යෝජනාවක් තමන් සිදු නොකළ බවය.

නමුත් භාණ්ඩාගාරය පනවා ඇති බදු අඩු නොකරන්නේනම් තෙල් මිල වැඩිකිරීමට සිදුවන බව තමන් පෙන්වා දුන් බව ද ඔහු පැවසු ඔහු මෙය වැරදි වචන කිහිපයකින් සමාජ ගත වී ඇති බව ද පැවසිය. ජනාධිපතිවරයා ඔහුගේ යෝජනාවන් ප්‍රතික්ෂේප කලද යන්න පිළිබදවද අප විමසු විට අමත්‍යවරයා පැවසුවේ මෙම අවස්ථාවේදී ඉන්ධන මිල ඉහළ දැමිය නොහැකි බැවින් භාණ්ඩාගාරය විසින් පනවා ඇති බදු අඩු කළ යුතු බවට ජනපතිවරයා යෝජනා කළ බවය.

මේ වන විට බොරතෙන් බැරලයක මිල ඩොලර් 58ක් ඉක්මවා ගොස් ඇති හෙයින් සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 10ක් හා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17ක් පාඩු විදින බව පැවසු අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ තමන් මෙසේ මිල වැඩි කිරීමක් ගැන සදහන් නොකළ බවත් තමන් පැවසුවේ මෙකි පාඩුව පිළිබදව පමණක් බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.