කොළඹින් වාර්තාවන ආසාදිතයින් යළිත් ඉහළට

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව නැවතත් ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් සටහන්වූ කොවිඩ් ආසාදිතයන් 755 දෙනා අතුරින් 369 දෙනෙකුම සටහන්වී කොළඹින් වාර්තා වී ඇති අතර Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයයට අනුව අනෙක් ප්‍රදේශ වලින් ආසාදිතයින් වාර්තා වීම මෙසේයි.

ගම්පහ 124ක්, කලුතර 80ක්, කුරුණෑගල 29ක්, මහනුවර 23ක්, මාතලේ 22ක්, ගාල්ලේ 18ක් සහ මාතර 17ක් ද මුලතිවු 15ක්, අම්පාරේ 15ක්, අනුරාධපුර 14ක්, යාපනයේ 06ක්, පොළොන්නරුවේ 06ක්, පුත්තලමේ 05ක් සහ නුවරඑළියේ 02ක් ද වේ.

වවුනියාව, හම්බන්තොට, මඩකලපුව දිස්ත්‍රික්වලින් ඊයේ වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයකු බැගින්ද විදේශයන්ගෙන් පැමිණි 07 දෙනෙකුද ඊයේ ආසාදිතයන් අතර වේ.

මේ අතර ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත එක් මරණයක් වාර්තා වූ අතර එම මරණයත් සමඟ මෙරට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියගිය ගණන 288ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.