
මාවනැල්ල බුදුපිළිම කැඩීමට සහ වනාතවිල්ලුවෙන් සොයාගත් පුපුරණ ද්‍රව්‍ය වලට එකම කණ්ඩායමක් සම්බන්ධ බවත් ඔවුන් ඉදිරියේදි විනාශකාරි ක්‍රියාවකට යොමුවිය හැකි බවත් පාස්කු ප්‍රහාරයට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කළද ඔහු ඒ පිළිබද උනන්දුවක් නොදැක්වු බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ කොළඹ ජාතික රෝහලේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද ජනාධිපති කොමිසම වෙත දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමිනි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස කටයුතු කළ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අද ජනාධිපති කොමිසම හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබාදුන්නේය
ඒ කොළඹ ජාතික රෝහලේ 42 වන වාට්ටුවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසම හා සම්බන්ධ වෙමිනි