කොවිඩ් සඳහා ලබාදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබන සිකුරාදා (29) සිට මෙරට ජනතාවට ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
අනිද්දා පෙරවරු 11ට ඉන්දියාවේ සිට මෙරටට එම එන්නත් තොගය රැගෙන එන ගුවන් යානය පැමිණිමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව ප්‍රමුඛතාව මත මෙම එන්නත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශ සඳහා ලබා දිමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේය.