විදෙස් රටවල් කිහිපයක පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
එය හඳුනාගෙන තිබුණේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින ආසාදිතයෙකුගේ සාම්පලයක් ඔස්සේය. එය ශ්‍රී ලංකාව තුළ මීට පෙර හඳුනාගත් වෛරස් ප්‍රභේදයට වඩා වෙනස් වන බවත් ස්වීඩනය, ජර්මනිය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය යන රටවල ව්‍යාප්ත වූ වෛරසයට සමාන ලක්ෂණ ඇති බවත් මෙම වෛරසය සීඝ්රයෙන් ව්‍යාප්තවීමේ හැකියාව වැඩි බවත් මෙය මේ දිනවල බහුලවට කතාබහට ලක්වන එංගලන්ත හා දකුණු අප්‍රිකාවවල ව්‍යාප්ත වූ ප්‍රභේදයට වඩා වෙනස් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටි.
මෙම පර්යේෂණ මගින් ප්‍රධාන කරුණු දෙකක් හඳුනා ගෙන ඇත. එකක් තමයි අපේ දෙවෙනි රැල්ලේ එකකට එකක් සමාන නිසා සියයට සියයක් ශ්‍රී ලාංකාවට ආවේනික වූ lineage එකක් දැනට හඳුනාගෙන තිබෙනවා. අනෙක් කරුණ තමයි එංගලන්තයේත් දකුණු අප්‍රිකාවේත් පැතිරි යන ප්‍රභේද දෙකම පසුගිය සතිවලින් හමුවුණේ නෑ. හැබැයි අපේ Sequencing වලදී තව අලුත් විශේෂිත වූ lineage එකක් හමුවෙලා තියෙනවා. ඒ කියන්නේ B.1.258 කියන එක. ඒකේ 69 යි 70 deletion එකක් තියෙනවා. මේ infection එක වේගයෙන් පැතිරීමේ හැකියාව තියෙනවා. යනුවෙන් වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.