විදේශ සේවා නියුක්ති කාර්යංශය සතු අරමුදල් භාවිත කරමින් කොවිඩ් ව්‍යසනය හේතුවෙන් අසරණ වී සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස කෝප් කමිටුව දැනුම්දීමක් සිදුකර ඇත.
විදේශ රැකියා ක්ෂේත්රයේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව විමර්ශනය කිරීම සඳහා මෙම රැස්වීම පවත්වා ඇත.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් වෙත මෙම දැනුම්දීම සිදුකර තිබේ
එහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රැස්කර ඇති රුපියල් බිලියන 14ක ජංගම වත්කම් යොදවා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නැවත ගෙන්වා ගැනීමේ හැකියාව පිළිබඳ කමිටුව විමසා ඇති අතර ඊට කිසිදු බාධාවක් නොමැති බව කාර්යාංශ සභාපතිවරයා අනාවරණය කර ඇත.