යාපනයට පැමිණි චීන්නුන්ට එරෙහිව ජනතා විරෝධය

ඉන්දික ශ්‍රී අරවින්ද

යාපනය අර්ධද්වීපයේ චීන රජය සිදු කරන සංවර්ධන කටයුත්තක් මෙතෙක් ආරම්භ වී නැතත් ප්‍රදේශයේ චීන ජාතිකයින් සියයකට වඩා සැරිසරන බව තමන් කළ විමර්ශනකයදී හෙළි වූ බව ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පසුගිය දා යාපනයේදී පැවසුවා.

එම චීන ජාතිකයින් කොරෝනා නීතිවලට කිසිඳු අවධානයක් යොමු නොකරන බවයි ඔහු අවධාරණය කරන්නේ.
මෙලෙස යාපනයේදී නීති දෙකක් ක්‍රියාත්මක වීම කෙරෙහි තමන්ගේ අප්‍රසාදය පළ කරන බව ද ඔහු පැවසුවා.

මේ අතර වාර්තා වෙන්නේ මෙම චීන හැසිරීමට විරුද්ධව ප්‍රතිචාර දැක්වීමට යාපනයේ ජනතාව මේ වන විට සූදානමින් සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.