ඉන්දීය කොරෝනා එන්නත ලැබෙන දිනය වෙනස් වෙයි

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්ධන එන්නත අනිද්දා දිවයිනට ගෙන ඒමට නියමිතය.

නමුත් එම එන්නත හෙට දිනයේ මෙරටට ලැබීමට නියමිත බව පසුව ප්‍රකාශ කෙරුණ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී එන්නත අනිද්දා ලැබෙන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මෙම එන්නත් බ්‍රහස්පතින්දා (28) ශ්‍රී ලංකාවට පැමිණෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත. ඒ අනුව මෙය ප්‍රදානයක් ලෙස ලැබෙන අතර ඊට කැබිනට් මණ්ඩලය ඉන්දීය රජයට සිය ප්‍රසාදය පළ කර තිබේ.

කොරෝනා එන්නත ශ්‍රී ලංකාවට පැමිණ දිනකට පසු එය ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මීට පෙර ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.