ඉන්දික ශ්‍රී අරවින්ද
හිටපු අමාත්‍ය නවීන් දිසානයක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක තනතුර භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් එ.ජා.ප.රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබේ.
ඒ බව දන්වමින් ඔහු වික්‍රමසිංහ මහතා වෙත ලිඛිතව දැනුම් ඇත්තේ අද (26) පෙරවරුවේදී. පසුගිය දා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ නව නිලධාරීන් පත් කළ අවස්ථාවේදී එතෙක් නවීන් දිසානයක දැරූ ජාතික සංවිධායක තනතුර වෙනස් නොවන බව ප්‍රකාශ කළා.
නමුත් එම රැස්වීමට නවීන් දිසානායක මහතා සහභාගි නොවී වර්ජනයක නිරත වුණ අතර අද එම ධුරය නිල වශයෙන් ප්‍රතික්ෂේප කරමින් රනිල් වික්‍රමසිංහ මහතාට යැවූ ලිපිය සියලු ම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් වෙත ද යොමු කර තිබේ.
එහෙත් නුවරඑළිය දිස්ත්‍රික් නායක සහ කෘත්‍යාධිකාර මණ්ඩල සභික තනතුරෙහි එලෙසම තවදුරටත් ක්‍රියා කිරීමට කැමැත්ත පළකර ඇත.