රංජන් පල්ලන්සේනෙන් අගුණකොළපැලැස්සට

බරපතල වැඩ සහිතව අවුරුදු හතරක සිර දඩුවමක් නියම වූ රන්ජන් රාමනායක මහතා පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ සිට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත අද (26) රැගෙන ගොස් ඇත.

2017 වසරේ අගෝස්තු 21 වනදා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බව ප්‍රකාශ කර තිබිණි. එමගින් අධිකරණයට අපහාස කළ බවට එල්ල වී තිබුණ චෝදනාවලට ඔහු වැරදිකරු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරමින් ඔහුට මෙලෙස සිරදඩුවම නියම කළේය.

අදාළ ප්‍රකාශයෙන් රංජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පළුදු කිරීමට ක්‍රියා කර ඇති බවත් එමගින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් පැමිණිල්ලේ සදහන්ව තිබුණ.ඒ අනුව අදාළ චෝදනා සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතාට එරෙහිව නඩු විභාගය පැවැත්වුණු අතර බරපතල වැඩසහිත වසර 04 ක සිරදඩුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.