කොරෝනා නිසා ඉතාලි අගමැති ඉවත් වීමට සැරසේ

කොරෝනා වෛරසය නිසි ආකාරයෙන් පාලනය නොකළ බවට එල්ල වන චෝදනා නිසා ඉතාලි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව එරට මාධ්‍ය පවසයි.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම අද භාරදීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉතාලි අග්‍රාමාත්‍රා ගුසෙයිපේ කොන්ටේ මහතා බලයට පත්වුණේ 2018 වසරේ දීය.

ඉතාලියේ කොරෝනා වෛරස් පාලනය නිසි පරිදි සිදු නොකළ බවට ඔහුට දැඩි චෝදනා එල්ල විය.

කොරොනා වෛරසය හේතුවෙන් ඉතාලිය 85,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 24 කට අධිකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.