පාර්ලිමේන්තු කොවිඩ් පොකුරක් නොමැති බව බලධාරීන් අවධාරණය කරයි

වෛශනී වෙල්රාජ්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු වෛරසය වැළඳීමෙන් පසු නව කොරොන පොකුරක් පාර්ලිමේන්තුව තුළ මතු වී නොමැති බව සෞඛ්‍ය බලධාරීන් අවධාරනය කර තිබේ.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ ගැසට් පත්‍රයට පැවසුවේ හඳුනා ගැනීම තවමත් නව පොකුරක් ලෙස අර්ථ දැක්විය නොහැකි බවයි. මෙම තත්ත්වය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කළ යුතු බවත් සම්ප්‍රේෂණ ප්‍රභවය තීරණය කිරීම සඳහා දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනාම එක් ආසාදිත පුද්ගලයකුගෙන් හෝ එම ආසාදිත පුද්ගලයාට සම්බන්ධ අයෙකුගෙන් වෛරසය වැළඳී ඇත්නම් එය නව කොරෝනා පොකුරක් ලෙස අර්ථ දැක්විය හැකි බව වෛද්‍ය හේරත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු 1,400කට අධික පිරිසකගේ පී සී ආර් පරීක්ෂණ මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රයෙදී සිදු කර ඇති බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු සී සී ටී වී දර්ශන නිරීක්ෂනය මගින් ඔහුගේ සමීපතම ආශ්‍රීතයින් හදුනා ගත් බවය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයද විෂබීජරණයට ලක් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 06කි. අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි හා වාසුදේව නානායක්කාරටත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර හා පියල් නිශාන්තටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ටත් කොරෝනා වෛරසය ආසාදනය විය. ඒ අතරින් අමාත්‍ය වාසුදේව නානායක්කාර හා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේවනවිටත් පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පැමිණ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.