මෙරට මුහුදු සීමාවට නීති විරෝධීව ඉන්දීය ධීවරයින් ඇතුළුවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් එම කමිටුව පත්කර ඇත.
අදාළ කමිටුව ධීවර අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත අතර ධීවර සංගම් නියෝජිතයින් ද ඊට ඇතුළත් බව ධිවර අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරමින් සිදුකරන ධීවර කටයුතු නැවැත්වීම සඳහා ස්ථීර විසඳුමක් ලබාදීමට අවශ්‍ය නිර්දේශ ලබාදීම මෙම කමිටුව මගින් අපේක්ෂා කරන බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.