ශානි අබේසේකර පාස්කු කොමිසමේ සාක්ෂි දෙයි

බන්ධනාගාරගතව සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කරන ජනපති කොමිසමට පළමු වරට සාක්ෂි ලබා දුන්නේය.

ඒ කොළඹ ජාතික රෝහලේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේය.

මේ වන විට ශානි අබේසේකර මහතා ශල්‍යකර්මයක්  සිදු කිරිම නිසා රෝහල්ගතව සිටියි.අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරික්ෂණ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට දින 18ක කාලයක් ප්‍රකාශ ලබා දි ඇත.

හෙට දිනයේද මොහු කොමිසම හමුවේ සාක්ෂි ලබා දිමට නියමිතය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.