එ.ජා.පක්ෂයේ නවීන්,අර්ජුණ.රවී ස්වාධින වීමට සැරසෙයි

ඉන්දික ශ්‍රී අරවින්ද

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු සඳහා මින් ඉදිරියට ක්‍රියාකාරී ලෙස සහභාගි නොවීමට හිටපු ඇමැති අර්ජුන රණතුංග, හිටපු අමාත්‍ය නවීන් දිසානායක සහ හිටපු අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරු තීරණය කර තිබේ.

මෙහිදී රණතුංග මහතාට පිරිනැමුණු එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ධුරයත්, දිසානායක මහතාට පිරිනැමුණු ජාතික සංවිධායක ධුරයත් භාර ගැනීමටද ඉදිරිපත් නොවුණ අතර නව නිලධාරීන් වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා සිරිකොත පැවති උත්සවයටද ඔවුන් සහභාගි වී නොමැත.

මෙහිදී පක්ෂ තනතුරක් හිමි නොවූ හිටපු උප සභාපති රවි කරුණානායක මහතා කරු ජයසූරිය මහතාගේ නායකත්වය යටතේ නව දේශපාලන ප්‍රවාහයක් පිහිටුවීමට යන බවත් අර්ජුන රණතුංග මහතා සහ නවීන් දිසානායක මහතා එයට එක් වීමට යන බවත් වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂය තුළ සිදු විය යුතු ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ යෝජනා කිසිවක් ඉටු නොවීම ඇතුළු කරුණු කිහිපයක් එම තීරණයට හේතුව වී ඇති බව අර්ජුණ රණතුංග මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ට දැනුම් දී ඇත.

ඒ අනුව මේ සතියේදී මෙම හිටපු ඇමතිවරුන් සහභාගී වන ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බවත් එහිදී නිල වශයෙන් මේ සම්බන්ධව පැහැදිලි කිරීමට නියමිතව ඇති බව සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.