බ්‍රසීලයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ සිදුවු ගුවන් අනතුරකින් එරට පැල්මාස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයින් සිව්දෙනෙකුයි ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම ක්‍රීඩකයින් තරඟාවලියක් සඳහා ගොස් ඇති අතර එහිදි සිදුකළ කොවිඩ් පරීක්ෂාවේදී ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන් යළි පැමිණෙමින් සිටින අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා තිබේ.
මෙම අනතුරෙන් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සහ යානයේ නියමුවා ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.