කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරගේ ආශ්‍රිතයින් වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ යන මහත්වරුන් ස්වයං නිරෝධායනයට යොමු වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පසුගිය 19 වනදා පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි වී ඇති අතර මන්ත්‍රීවරයාගේ සමීප ආශ්‍රිතයින් සොයා මේ වනවිට සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කරමින් පවති.
මේ අතර, කොරෝනා ආසාදිත සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාද ස්වයං නිරෝධායනයට ලක්ව සිටියි.